නිමල් රාජපක්ෂ
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය සහ සමුද්‍රීය පරිසර සංරක්ෂණ අධිකාරිය එක්ව සංවිධානය කරනු ලබන ‘ජාතික සමුද්‍ර සම්පත් සංරක්ෂණ සතිය’ ජාතික වැඩසටහනට සමගාමීව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් අද දින (2026 සැප්තැම්බර් 25) ගිනිකොණ නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.
ඒ අනුව, ගිනිකොණ නාවික විධානය මඟින් පොතුවිල් ‘විස්කි පොයින්ට්’ වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පැවැත්විණි. මෙම වැඩසටහනේදී වෙරළ තීරයේ එක්රැස්ව තිබූ අපද්‍රව්‍ය ඉවත් කරමින් වෙරළ පරිසර පද්ධතිය පිරිසිදුව හා සුරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබීය.
