Spread the love

78 වන ජාතික නිදහස් දිනයට සමගාමීව යුද්ධ හමුදාවේ 9158 දෙනෙකුට අද සිට බලපැවැත්වෙන පරිදි උසස් වීම් ලබාදී ඇති බව යුද හමුදාව ප්‍රකාශකරයි

ඒ අනුව බළලත් නිලධාරි II නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 260 දෙනෙකු බළලත් නිලධාරි I නිලයටත්, මාණ්ඩලික සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 1211 දෙනෙකු බළලත් නිලධාරි II නිලයටත් උසස් කර ඇත.

එමෙන්ම සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 1704 දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයටත්, කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 2339 දෙනෙකු සැරයන් නිලයටත්, ලාන්ස් කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 2204 දෙනෙකු කෝප්‍රල් නිලයටත් සාමාන්‍ය සෙබලු‍න් 1440 දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලයටත් උසස් කර ඇති බවයි යුද හමුදාව කියා සිටියේ.