එළැඹෙන 11 වනදා මධ්‍යම රාත්‍රියෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන්වී නිහඬ කාලය ආරම්භ වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.
එම කාලය තුළ කිසිඳු මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් සිදු කිරීමේ හැකියාවක් නොමැති බවයි අද (08) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමසාරිස් වරයා සදහන් කලේ.
එලෙස සිදුකර අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් ඔවුන්ගේ මන්ත්‍රී ධූරය පවා අහිමිවිය හැකි බවත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස අපේක්ෂකයින් සහ අනුගාමිකයින්ගෙන් ඉල්ලා සිටින බවද පැවසුවේය.
නිහඬ කාලය තුළ සමාජ මාධ්‍ය භාවිතා කරමින් සිදුකරන ප්‍රචාරණ කටයුතු අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.
