Spread the love

නිමල් රාජපක්ෂ

ජුනි 5 දිනට යෙදී ඇති ජගත් පරිසර දිනයට සමගාමීව වාහන වායු විමෝචන භාරකාර අරමුදල මගින් යතුරු පැදි සහ ත්‍රීරෝද රථ නොමිලේ සුසර කර දීමේ කඳවුරක් කෑගල්ල නිදහස් මාවත කේන්ද්‍ර කර ගනිමින් හෙට ( 31 ) උදෑසන 10 ‌ට පරිසර ඇමති වෛද්‍ය ධ්ම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

2025 පරිසර දිනයට සමගාමීව ලස්සන ශ්‍රී ලංකාව පිරිසිදු හුස්ම පොදක් යන තේමාව යටතේ කෑගල්ලේදී මේවර tuneup කඳවුර පස්වන වරට පවත්වන්නේ.
වායු දුෂණය හා අහිතකර බලපෑම් අවම කිරීමේ අරමුණින් බව වාහන වායු විමෝචන භාරකාර අරමුදලේ අධ්‍යක්ෂක දසුන් ජානක ගමගේ පවසයි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වු දසුන් ජානක ගමගේ මහතා ,

වාහන වායු විමෝචන භාරකාර අරමුදල ආරම්භ කරන ලද ටියුනප් දන්සල , ටියුනප් කඳවුර දැන් රට පුරා සාර්ථකව ගමන් ආරම්භ කරලා තියෙනවා. අපි මෙයින් අදහස් කරන ප්‍රධානම දේ තමයි ජනතාව දැනුවත් කරන එක. මොකද තමන්ගෙ වාහනය නිසි පරිදි ටියුනප් කරගත්තේ නැත්නම් එයින් විෂදුම පිට වෙනවා. වාහනයක විෂදුම දුම කියන්නේ නොදැවුනු ඉන්ධන. ඒ වාහනේ ඉන්ධන දහනය නිසි පරිදි සිදු නොවන විට එහි ඉන්ධන අකාර්යක්ෂමතාවයක් ඇතිවනවා. ඒ කියන්නේ අපි ඉන්ධන සඳහා යොදන මුදලට සරිලන දුර ප්‍රමාණයක් අපිට යන්න බැහැ කියන එක. ඉන්ධන අකාර්යක්ෂමතාවය අපි වගේ රටකට කොහෙත්ම ඔරොත්තු දෙන්නේ නෑ. මොකද ඉන්ධන ආනයනය සඳහා අප විශාල මුදලක් වැය කරනවා. මේ නිසා වාහනේ සුසර කර ගැනීම ආර්ථික වශයෙනුත් වාසිදායකයි,
පාරිසරික වශයෙනුත් විශාල වාසිදායක තත්ත්වයක් තියෙනවා. මොකද සුවදායී පරිසර පද්ධතියක් තිබිම සංචාරක ව්‍යාපාරය සඳහාත් අතිශයින් අපේ රටට වැදගත් වෙනවා. රටක වායුවේ ගුණාත්මක භාවය සංචාරක ව්‍යාපාරයට ඍජුව බලපානවා. ඒ වගේම තවදුරටත් දේශගුණික විපර්යාස සඳහා විශාල බලපෑමක් වායු දූෂණය විසින් සිදු කරනු ලබනවා. එසේම මෙයින් වන සෞඛ්‍ය හානිත් අතිශයින්ම බරපතලයි. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව දෙවනුවට වැඩිම සෞඛ්‍ය අවදානම් කාරකය වන්නේ වායු දුෂණයි. මෙන්න මේ හේතු නිසා වාහන විසඳුම කළමනාකරණය කර ගැනීමට වාහන වායු විමෝචන භාරකාර අරමුදල වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඉන් එකක් තමයි මෙය. මෙම වැඩසටහන සඳහා අප ත්‍රීවිල්, යතුරු පැදි සඳහා පමණක් ඉඩ ලබා දෙනවා. ලංකාවේ ත්‍රීවීල් , යතුරු පැදි වැඩි වශයෙන්ම භාවිතා කරන්නේ අඩු ආදායම්ලාභීන් හා මධ්‍යම පාන්තිකයන්. ඔවුන්ට මෙයින් විශාල සේවයක් සැලසෙනවා. ඒ වගේම ලංකාවේ ලක්ෂ 83 ක් වන වාහන වලින් අඩකට වඩා තිබෙන්නේ ත්‍රීවිල් හා යතුරුපැදි. බවද පැවසුවේය