පළාත් පාලන සතිය ආරම්භ වීමත් සමග හැටන් දික්ඔය නගර සභාවේ නිළධාරින් හැටන් නගරයේ පදික වෙලෙදුන් ඉවත් කිරිමට පියවර ගෙන ඇත.
හැටන් නගරයේ ප්‍රධාන වීදියේ, පැති වීදියෙ සහ අතුරු මාර්ගවල පාරිභෝගිකයන්ට අවහිර වන සේ ව්‍යාපාර කටයුතු සිදු කරන ව්‍යාපාරිකයන්ට ඉන් ඉවත්වන ලෙසට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, ආදායම් පරිපාලක සහ නිළධාරින් (15) දින පස්වරුවේ හැටන් නගරයේ පදික වෙලෙදුන්ට ඉවත් වන ලෙසට උපදෙස් ලබා දෙනු ලැබූහ.
වෙළදසැල්වල අලෙවි කිරිමට ඇති ඇතැම් ආහාර ද්‍රව්‍ය සහ එළවලු පදික වේදිකාව අවහිර වන සේ ප්‍රදර්ශනය කර තිබූ අතර, එම වෙළෙදුන්ටද අවවාද කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ නිළධාරින් පියවර ගැණින.
අවවාද කිරිමෙන් පසු තව දුරටත් එම වෙළෙදුන් පදික වේදිකාවේ වෙළදාම් සිදු කරන්නේ නම් එම වෙළෙදුන්ට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්ථා කර එම වෙලෙදුන් ඉවත් කිරිමට පියවර ගන්නා බවයි හැටන් දික්ඔය නගර සභාවේ නිළධාරින් කියා සිටියේ.
