Spread the love

දේවින්ද පිණිදිය

පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ පූර්ණ සහය ලබාදන බව ස්විට්සර්ලන්ත තානාපතිනි සිරි වෝල්ට් ( Siri Walt ) මහත්මිය සඳහන් කළා. ඒ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහචාර්ය උපාලි පන්නිල මහතා සමඟ අද (22) පෙරවරුවේ බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති හමුවකදීය.

දිට්වා සුලි කුණාටුව හේතුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් ගලවාගැනීමේ හා සනීපාර්ක්ෂක කටයුතු පිළිබඳ සමාජිකයන් හය දෙනෙකුගෙන් සමන්විත ස්විට්සර්ලන්ත විශේෂඥ කන්ඩාමයමක් පසුගිය 6 වනදා ශ්‍රී ලංකාවට පැමිණ සහන කටයුතු වල නිරතවුනා. එම කන්ඩායමේ නියෝජිතයන් වන අමඩු (Amadou) මහතා සහ ඉවෝන් මුලර් (Yvonne Muller) මහත්මිය මෙම හමුව සඳහා සහභාගිව සිටි අතර එම සහන කටයුතු පිළිබඳවද හමුවේදී අවධානය යොමු කරණ ලදි.