Spread the love

ප්‍රංශයේ ඕඩ් කලාපයේ දරුණු මේ වනවිට දරුණු ලැව්ගිනි තත්ත්වයක් හටගෙන ඇතැයි විදෙස් වාර්තා කරයි.

වසර 80කට ආසන්න කාලයකට පසු එරට තුළ ඇති වූ විශාලතම ලැව් ගින්න මෙය බවද පවසසි..

ගින්න පාලනය කිරීම සඳහා ප්‍රංශ ගිනි නිවන භටයින් දැඩි සටනක් දුන්නද, දැනටමත් දකුණුදිග ඕඩ් කලාපයේ විශාල ගින්නක් පැතිරගොස් තිබේ.

වනාන්තර සහ ගම්මාන හරහා ගින්න ඉතා වේගයෙන් පැතිර යන අතර, අවම වශයෙන් නිවාස 25ක් ගිනිබත් වන්නට ඇති බවට ප්‍රංශ බලධාරින් විශ්වාසය පළකරයි.

මේ අතර Perpignan නගරයට කිලෝමීටර් 30ක් පමණ දුරින් පිහිටි ශාන්ත ලෝරන්ට් ඩි ලා කැබ්‍රෙරිස් ගම්මානයේ එක් පුද්ගලයෙකු ජීවතක්ෂයට ද පත්ව තිබේ.

මේ වනවිටත් ගින්න පැරිසියට වඩා විශාල ප්‍රදේශයක් පුරා පැතිර ගොස් ඇතැයි විදෙස් වාර්තාවන්හි දැක්වේ.

ඒ හේතුවෙන් පදිංචිකරුවන්ට සහ සංචාරකයින්ට හැකි ඉක්මනින් ප්‍රදේශයෙන් ඉවත්ව යන ලෙස උපදෙස් දී ඇත.

අවසන් වරට ප්‍රංශය මෙවැනි බිහිසුණු ලැව් ගින්නකට මුහුණදී ඇත්තේ 1949 වසරේදීය.