අලුත් අවුරුදු උත්සව සමයේ අපරික්ෂාකාරී සහ බීමත්ව රිය ධාවනය කිරීම හේතුවෙන් සිදුවන මාර්ග අනතුරු හා මරණ සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විශේෂ අවධානයක් යොමු කර තිබේ.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ, උත්සව සමයේ ජනතාවගේ ගමනාගමන වැඩිවීමත් සමඟ රථවාහන තදබදය ඉහළ යාම සහ රියදුරන්ගේ නොසැලකිලිමත් හැසිරීම හේතුවෙන් අනතුරු සිදුවීමේ අවදානම තවදුරටත් වැඩිවන බවයි. විශේෂයෙන් බීමත්ව රිය ධාවනය කිරීම, වේග සීමා උල්ලංඝනය කිරීම සහ මාර්ග නීති නොසලකා හැරීම අනතුරු සඳහා ප්‍රධාන හේතු ලෙස පෙන්වා දී ඇත.
මේ පිළිබඳව ජනතාවට දැනුම්දීම සඳහා සහ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් පොලීසිය විසින් විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දීමටත් තීරණය කර තිබේ. එමඟින් හදිසි අනතුරු පිළිබඳ වාර්තා කිරීමටත්, මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් සහ අපරික්ෂාකාරී රිය ධාවනය සම්බන්ධ වීඩියෝ සාක්ෂි යොමු කිරීමටත් ජනතාවට අවස්ථාව සැලසේ.
