මතභේදාත්මක බහාලුම් 323 තුළ ආයුධ, මත්ද්‍රව්‍ය හෝ රත්රන් රැගෙන නොගිය බවත්, ආනයනකරුවන් විසින් සපයන ලද ලියකියවිලිවල ප්‍රකාශ කර ඇති පරිදි කාර්මික භාණ්ඩ සහ අමුද්‍රව්‍ය පමණක් රැගෙන ගිය බවත් ශ්‍රී ලංකා රේගුව සඳහන් කළා.
ඒ ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව අද (08) කැඳවූ විශේෂ මාධ්‍ය හමුවකදී යි.
එහිදී, එම බහාලුම් නිදහස් කිරීමට පෙර ආනයන සටහන්වල සියලුම ලියකියවිලි පරීක්ෂා කර මෙම බහාලුම් නිදහස් කිරීමට පියවර ගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ සඳහන් කළේ.
