පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ඉල්ලීම මත කාර්ය මණ්ඩලය සඳහා අය කරන ආහාර මිල ගණන් නැවත සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු ගෘහකාරක සභාව තීරණය කරයි.
ඒ අනුව පාර්ලිමේන්තු ගෘහකාරක සභාව 2025.05.23 දිනැති තීරණය පරිදි කාර්ය මණ්ඩලයේ ආහාර මිල ගණන් 2025.06.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු සඳහා මාසිකව රුපියල් 4,000 ක් සහ විධායක නොවන සාමාජිකයෙකු සඳහා මාසිකව රුපියල් 2,500 ක් වන පරිදි අයකිරීමට තීරණය කර තිබිණ..
කෙසේ නමුත් මෙම මිල ගණන් නැවත සංශෝධනය කරන ලෙස පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීම්, කාරක සභාවේදී දීර්ඝ ලෙස සලකා බලා විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු සඳහා මාසිකව රුපියල් 3,000 ක් සහ විධායක නොවන සාමාජිකයෙකු සඳහා මාසිකව රුපියල් 2,000 ක් වශයෙන් අය කිරීමට තීරණය කෙරේ..
ඒ අනුව මෙම නව මිල ගණන් එළැඹෙන ජූලි මස 01 දින සිට ක්‍රියාත්මක වීමටද නියමිතයි.
