පොළොන්නරුව වකුගඩු රෝහලේ මුළුතැන්ගෙයට ගෑස් සපයන නල මාර්ගයේ අද (26) අලුයම 4 පමණ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව දිස්ත්රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
පොලිසිය පැවසුවේ, මෙම අනතුරින් තුවාල ලැබූ දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.
පිපිරීමෙන් රෝහලේ මුළුතැන්ගෙය පිහිටි ගොඩනැගිල්ලට දැඩි අලාභහානි සිදුවී ඇතිඅතර තුවාල ලබා ඇත්තේ මුළුතැන්ගෙයි සිටි සේවකයින් පිරිසක් බව පොලිසිය සඳහන් කළේය.
පොළොන්නරුව වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබේ.
අනතුරින් තුවාල ලැබූ වකුගඩු රෝහලේ සේවකයින් ප්රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත.
පිපිරීමෙන් රෝහල් ගොඩනැගිල්ලට දැඩි අලාභහානි සිදුවී ඇති බවද වාර්තා වෙයි.
