Spread the love

දේවින්ද පිණිදිය

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අපදා තත්ත්වයෙන් පසු රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙලට මෙරට ප්‍රමුඛතම ඉන්දන සැපයුම් ආයතනයක් වන Lanka IOC PLC “WE CARE CSR Initiative” යටතේ “Rebuilding Sri Lanka” අරමුදලට රුපියල් මිලියන 50 ක් (Rs.50,000,000.00), CEAT OHT Lanka (Private) Limited රුපියල් මිලියන 08 ක් (Rs. 8,000,000) සහ CEAT Kelani International Tyres (Pvt) Ltd රුපියල් මිලියන 04 ක් (Rs.4,000,000.00) වශයෙන් මුල්‍ය පරිත්‍යාග සිදු කල බව
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එසේ පැවසුවේහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා අතර විශේෂ හමුවක් අද (08) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති අවස්ථාවේදීය.
රාජ්‍ය අංශයේ සෞඛ්‍ය සේවා ආයතන හරහා අඛණ්ඩ රෝගී සත්කාර පවත්වාගෙන යාමේ දී අවශ්‍ය කරනු ලබන අත්‍යවශ්‍ය ඖෂධ ද පරිත්‍යාග කරන ලෙස මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉන්දියානු මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි අතර, පවතින පාරිසරික ව්‍යසනය අතරතුර මෙම ඖෂධ හෘද රෝගී ප්‍රතිකාර සේවා, දියවැඩියාව සහ ඒ ආශ්‍රිත සංකූලතා කළමනාකරණයට සැලකිය යුතු ලෙස බලපාන බව ද අවධාරණය කරන ලදි.

අමාත්‍යවරයා ඊට අදාළ ඖෂධ ලේඛණයක් ද ඉන්දියානු මහකොමසාරිස්වරයාට මෙහිදී ලබාදෙන ලද අතර, ආපදාවට ලක් වූ මෙන්ම මෙරට දහස් සංඛ්‍යාත රෝගීන්ගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා මෙම සැපයුම් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇති බැවින් ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමු කරමින් ඒ සඳහා කඩිනම් පියවර ගන්නා බව දැනුවත් කරන ලදි.