Spread the love

නිමල් රාජපක්ෂ-.

බන්ධනාගාර තුළ හදිසි තත්වයක් ඇති වුවහොත් ප්‍රාදේශියව සම්බන්ධිකරණයක් පවත්වා ගනිමින් රාජ්‍ය ආයතන අතර ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඇති කිරීම තුළින් හදිසි ප්‍රතිචාර දැක්වීම සහ රැඳවියන්ගේ සුභ සාධන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් යුතුව ක්‍රියාත්මක වැඩපිළිවෙළ යටතේ යාපනය බන්ධනාගාරය මුලික කර ගනිමින් ඒකාබද්ධ යාන්ත්‍රණය පිහිටුවීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය බන්ධනාගාරයේදී පවැත්විණි.


හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීමට සහ රැඳවියන්ගේ සුභ සාධනය මුලික අරමුණ කර ගනිමින් රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගනිමින් ඒකාබද්ධ යාන්ත්‍රණයක් දිවයිනේ සෑම බන්ධනාගාරයක් තුළම ස්ථාපිත කිරීමට කටයුතු කරනු ලබන අතර, ඒකාබද්ධ යාන්ත්‍රණය පිහිටුවීමේ අරමුණ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යතුමා විසින් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරන ලදී.


යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන කේ. ඉලන්කුමරන්, ශ්‍රී භවනන්දරාජා, යාපනය දිස්ත්‍රික් ලේකම් එම්.ප්‍රදීපන්, යාපනය බන්ධනාගාර අධිකාරී එස්. ඉන්ද්‍රකුමාර්, යාපනය නියෝජ්‍ය ‌පොලිස්පති ජී.එච්.මාරපන යන මහත්වරුන් ඇතුළු ජල සම්පාදන මණ්ඩලය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව, යුද හමුදාව, පොලීසිය, යාපනය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් උසස් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


ඒකාබද්ධ යාන්ත්‍රණය පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව අධිකරණ අමාත්‍යතුමා යාපනය බන්ධනාගාරයේ රැඳවියන්ගේ අවශ්‍යතා සොයා බැලීමේ නිරීක්ෂණයක නිරත විය.


බන්ධනාගාරයේ මුළු තැන් ගෙය, කාන්තා අංශය සහ රිමාන්ඩ් සැකකරුවන් රඳවා ඇති ස්ථාන අමාත්‍යතුමාගේ නිරීක්ෂණයට ලක් විය.