Spread the love

බස් ගාස්තුව 10% කට වඩා වැඩි අගයකින් ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඉදිරිපත් කළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා යොමු කර ඇත.

අදාළ යෝජනාව හෙට (23) පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීම වෙත යොමු කර ඇති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ.

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තුව වැඩි කරන ලෙස බස් සංගම් රජයෙන් ඉල්ලීමක් කර තිබිණ