නිමල් රාජපක්ෂ-
වෙසක් පොහොයට සමගාමීව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්. ඒ. පේමරත්ත මහතා මැයි මස 27 වැනි දින සිට ජුනි 2 දා දක්වා ක්‍රියාවට නැංවු විශේෂ ග්‍රහන සතිය යටතේ නීති විරෝධි මත්පැන් හා සිගරැට් ජාවාරමේ නිරත සැකකරුවන් 42 දෙදෙනකු පුගොඩ සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිදිවැල , දොම්පේ , බියගම ,හෙයියන්තුඩුව , මාවරමංඩිය, ඉහළබියන්විල ,දෙකටන හා මල්වාන යන ප්‍රදේශවල සිදු කල සෝදිසි මෙහෙයුම්වල ප්‍රථිපලයක් ලෙසිණි.
මෙහිදි නීති විරෝධි මත්පැන් ජාවාරමේ නිරත සැකකරුවන් 39 දෙනෙකු හා තීරු බදු නොගෙවු සිගරැට් ජාවාරමේ නිරත සැකකරුවන් 3 කොටු කර ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වි ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරියේදී පුගොඩ හා මහර මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතාගේ උපදෙස් මත , ගම්පහ සුරාබදු අධිකාරි ප්‍රදිප් ජයසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ , පුගොඩ සුරාබදු ස්ථානාධිපති නිශාන්ත ප්‍රියංකර මහතාගේ මෙහෙයවීමෙන් ,පරීක්ෂකවරුන්වන නලින් , එල්ලාවල, සැරයන් කරුණානායක , කෝප්‍රල්වරුන්වන ප්‍රේමලාල් , සුමේධ ,ධර්මසිරි,ගයාන් , දේශක, හර්ෂණී, නියාමක නදීර නියාමක රියදුරු රත්නායක යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
