Spread the love

මුල්කිරිගල ගුණරත්න

මරණීය දණ්ඩනය නියමව අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටි රැදවියෙකු හදිසියේ අසනීපව රෝහල් ගතකිරීමෙන් පසු (15 වන රාත්‍රි 9 ට පමණ තංගල්ල මූලික රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි .

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නොච්චියාගම ,ගාලදිවුල්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි කේ. ආර්.ස්වර්ණතිලක නමැති 72 හැවිරිදි රැදවියෙකි.

මෙම රැදවියා (14) දින අලුයම 3 ට පමණ අසනීපව අගුණකොළපැලැස්ස රෝහලට ඇතුළත් කර තිබේ . එහිසිට වැඩිදුර ප්‍රතිකාර සදහා තංගල්ල මූලික රෝහලට මාරුකර එවා ඇත.

මොහුගේ හදිසි මරණය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය (16) සිදුකිරීමට නියමිතයි.

අගුණකොළපැලැස්ස පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි