හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහි නඩුවක් ජුනි මස 30 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා
අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකාර මර්වින් සිල්වා අධිකරණයේ පෙනී නොසිටි අතර, ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බව අධිකරණයට කරුණු අනාවරණය කෙරුණා.
ඒ අනුව නඩුව ජුනි මස 30 දක්වා කල් තැබීමටයි අධිකරණය නියෝග කර තිබෙන්නේ.
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට සැකකරුවකු ලෙස නම්කර මෙම නඩුව ගොනුකර තිබෙන බවයි දැක්වෙන්නේ.
