Spread the love

මහ මැතිවරණය වෙනුවෙන් පොලිස් නිලධාරීන් 63,145ක් මැතිවරණ රාජකාරි සඳහා යෙදවීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පති සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දුව මහතා පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 3200ක් මෙන්ම ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද යෙදවීමට නියමිතයි. එමෙන්ම සිවිල් ආරක්ෂක නිලධාරීන් 12, 227ක් දෙනෙක් යෙදවීමට පියවර ගෙන ඇති බව අද පැවැති මාධ්‍ය හමුවකදි පැවසුවේය.

තවද ජංගම සංචාර 3109ක් ක්‍රියාත්මක කිරීමටත් දිවයින පුරා මාර්ග බාධක 269ක් යෙදවීමටත් සැලසුම් කර තිබේ.

එමෙන්ම කැරලි මර්දන කණ්ඩායම් 214ක් සූදානම් කර ඇති බවත් යම් කඩාකප්පල්කාරී ක්‍රියාවන් අවේක්ෂණය කිරීමට බුද්ධි නිලධාරීන් යෙදවීමටත් පියවර ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.