Spread the love

නිමල් රාජපක්ෂ-


කලගෙඩිහේන ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පෞරාණික භාණඩ එකතු කරන ස්ථානයක් වටලා රුපියල් ලක්ෂ ගණනක් වටිනා ගෝන අං තට්ටු ,මුව අං තට්ටු ,අලි දත්,හදුනා නොගත් බෙල්ලන් තොගයක් අලෙවි කිරීම සදහා ලග තබාගෙන සිටි කාන්තාවක ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරීන්හට ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය ඇතිව වනජිවී නිලධාරීන් අද(04) සවස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් උපකරණ තොගයේ Horned Helmet (ලංකා සිතියම් බෙල්ලා) :- 04 ක්, Smooth Spider Conch (සුමට මකුළු බෙල්ලා) :- 02ක්, ගෝන අං තට්ටු :- 05ක්, මුව අං තට්ටු :- 08 ක්, තනි මුව අං කොටස් :- 02 ක්, අලි දතක කොටස් :- 01 ක්, හදුනා නොගත් බෙල්ලන් හා කවච :- 23 තිබු බව වනජීවි නිලධාරින් පවසයි.

අලුත්ගම බෝගමුව යක්කල ප්‍රදේශයේ පංදචි අදාල කාන්තාව කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදු කරගෙන යන බවට ගුවන් හමුදා බුද්ධි නිලධාරීන්හට ලද තොරතුරකට අනුව රිටිගල වනජීවි කාර්යාලයේ වනජීවි අඩවි ආරක්ෂක රාමසිංහ නිලධාරිතුමාට ලබාදුන් තොරතුරකට අනුව එම නිලධාරීන් කණ්ඩායම කුරුණෑගල වනජීවී සහකාර අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරින්,බස්නාහිර සහකාර අධ්‍යක්ෂක කලාපයේ,බුලත්කොහුපිටිය වනජීවි කාර්යාලයේ නිලධාරීන්,මුතුරාජවෙල වනජීවි කාර්යාලයේ නිලධාරින්,හොරගොල්ල වනජීවි කාර්යාලය නිලධාරින් හා වේළුවන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග එකාබද්ධව අදාල කාන්තාව සිය භාණ්ඩත් සමගින් අද (04) සවස 3.15 පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදි අදාල නඩු භාණ්ඩ හොරගොල්ල වනජීවි කාර්යාලයට භාර දීමෙන් අනතුරුව සැකකාරියට රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් මත නිදහස් කර ඇති අතර මේ මස 10 වැනිදින ගම්පහ මහේස්ත්‍රාක් අධිකරණය වෙත ඉදිරි කිරීමට නියමිතය.


ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරින්ගේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය ඇතිව අනුරාධපුර කලාපයේ සහකාර අධ්‍යක්ෂක කීර්ති ශ්‍රී චන්ද්‍රරත්න,වයඹ කලාපයේ සහකාර අධ්‍යක්ෂක ශාන්ත වීරසිංහ ,ගමිපහ කලාපයේ සහකාර අධ්‍යක්ෂක හේෂානි සෝමරත්න,සහකාර අධ්‍යක්ෂක නීති රුචිරා කරුණා රත්න යන මහත්ම මහත්මීන්ගේ උපදෙස් මත වනජීවි නිලධාරින් මෙම වැටලීම සිදු කළහ.

වීඩියෝව නරඹන්න