යහපත් මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කිරීම නව රජයේ අභිලාශය බව ජනමාධ්‍ය, බුද්ධ ශාසන අමාත්‍ය විජිත හේරත් පවසයි.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදු දහමට ලබාදී ඇති ප්‍රමුඛතාව ඒ ආකාරයෙන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවයි අද (25) සිය ධූරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
අනෙකුත් සියලු ආගම් ඇදහීමේ අයිතිය හා නිදහස ආරක්ෂා කිරීම ද අමාත්‍යංශයේ ප්‍රධානියා ලෙස තම වගකීමක් බවද ඔහු පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයාගේ මග පෙන්වීම මත, රටට යහපත් දේශපාලන සංස්කෘතියක්, ජාතික සමගියක් හා ආගමික සහජීවනයක් ඇති කිරීම සඳහා මාධ්‍යයේ වගකීම ඉටු කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම සිදු කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
