නිමල් රාජපක්ෂ-
“Clean Sri Lanka” ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක “අත්තම” ව්‍යාපෘතියට සහ ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මගින් සංවිධානය කරන ලද විශේෂ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන අද (19) දින මෝදර කාකදූපත පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද හමුදා සේවා වනිතා ඒකකය සහ EFL Global ආයතනය පූර්ණ දායකත්වය සහ සහයෝගය ලබා දෙන ලදී.
වෙරළබඩ පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීම, සාගර දූෂණය වැළැක්වීම සහ මහජනතාව තුළ පාරිසරික සංවේදීතාව වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය වූ මෙම ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදා නිලධාරීන්, සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් මෙන්ම EFL Global ආයතනයේ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
