නිමල් රාජපක්ෂ
තාවකාලික රියදුරු බලපත්‍ර ලබා දී ඇති රියදුරන් සදහා ස්ථිර රියදුරු බලපත්‍ර ලක්ෂ 4ක ප්‍රමාණයක් පසුගිය 19 වන දින වන විට නිකුත් කරඅවසන් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසයි.
රියදුරු පරීක්ෂනය සමත් රියදුරන් ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණය කට රියදුරු බලපත් ලබා දීමට නොහැකිවුයේ රියදුරු බලපත්‍ර කාඩි නොමැති වීම නිසායි.
නමුත් මේ වනවිට ලක්ෂ හතරකට රියදුරු බලපත්‍ර සිය නිවසටම ලබා දීමට පියවර ගෙන තිබේ.
තවත් ස්ථිර රියදුරු බලපත්‍ර ලක්ෂයක් මුද්‍රණය කර ඇති අතර මේ මස අවසන් වීමට ප්‍රථම සියළුම තාවකාලික රියදුරු බලපත් ලබාගත් රියදුරන් රියදුරු බලපත් ලබා දීමට පියවර ගන්නා බවද කමල් අමරසිංහ මහතා පැවසුවේය.
