Spread the love

අලුත් කළ නොහැකි බර වාහන රියැදුරු බලපත්‍ර ලක්ෂ 11ක පමණ තොගයක් මේ වසර අවසන් වීමට පෙර අවලංගු කෙරෙන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පවසයි.

එම රියැදුරු බලපත්‍රලාභීන් සහන කාලයක් තුළ නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම සිදුකළ යුතු බවත්, ඒ සඳහා ඔවුන් නිසි පරිදි වෛද්‍ය පරීක්ෂණ සඳහා මුහුණ දීම ද කළ යුතු බවත් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි

මීට අමතරව, අලුත් කළ නොහැකි සැහැල්ලු වාහන රියැදුරු බලපත්‍ර හිමියන් ලක්ෂ 10ක බලපත්‍ර ද, ඉදිරියේදී අවලංගු කිරීමට නියමිත බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.