Spread the love

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2017-2018 වර්ෂ සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ඉන්ධන මිලදී ගැනීමට නියමිතව තිබුණු දිගුකාලීන ටෙන්ඩර් 03 ක් අවලංගු කර, ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් ක්‍රියාත්මක කිරීමට සිදුවීම තුළින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත රුපියල් මිලියන 800 කට ආසන්න පාඩුවක් සිදු කිරීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.