Spread the love

රුපියල් ලක්ෂ 20ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා සිටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සුරාබදු සැරයන්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබේ.

දේශීය ඖෂධ නිෂ්පාදනාගාරයක් පරීක්ෂා කර නීති විරෝධීව යන්ත්‍ර මගින් ගංජා අඹරන බවට චෝදනා කර, ඒ සම්බන්ධව නීති මගින් කටයුතු නොකර සිටීමටයි මෙම අල්ලස් මුදල ඉල්ලා ඇත්තේ.