Spread the love

ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

නීති විරෝධී භාණ්ඩ තොගයක් ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ චෝදනාවකට මොහුව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. 

සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වැඩිදුර විමර්ශන සිදුකරයි.