මාතර – බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයේ හඳපාන්ගොඩැල්ල ප්‍රදේශයේදී අද (25) දහවල් ටිපර් රථයක් හා බස් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ දරුණු රිය අනතුරෙන් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.
වීරකැටිය ප්‍රදේශයේ සිට මාතර දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ මාතර සිට බෙලිඅත්ත දෙසට ධාවනය වෙමින් තිබූ ටිපර් රථයක් එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් තුවාල ලැබූ පිරිස වහාම දික්වැල්ල සහ මාතර රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
