නිමල් රාජපක්ෂ
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කර ඇති ග්‍රාමීය මාර්ග සංවර්ධන ජාතික වැඩසටහන යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍යාධාර මත ක්‍රියාත්මක වන දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනට අනූව (i-Road Project) ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ තවත් මාර්ගයක සංවර්ධන කටයුතු අද දින (.14 ) ආරම්භ කෙරිණ.
ඒ අනුව මොණරාගල මැතිවරණ කොට්ඨාසයේ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පිහිටි මාළිගාතැන්න මංසන්දියේ සිට 11 කණුව මඩුගහපිටිය දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම ජාතික ජන බලවේගයේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වෙළඳ, වාණිජ සහ ආහාර සුරක්‍ෂිතතා පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
බදුල්ල – මොණරාගල (A 22) ප්‍රධාන මාර්ගයට සහ පුස්සැල්ලාව මාර්ගයට කඩිනමින් ප්‍රවේශය ලබාගත හැකි මෙම 11 කණුව මඩුගහපිටිය මාර්ගය සංවර්ධනයට රුපියල් ලක්‍ෂ 600 ක මූල්‍ය ප්‍රතිපාදන වැය කෙරේ. මාර්ග සංවර්ධන අධිකාරියේ සේවා යෝජකත්වයෙන් තරගකාරී විනිවිද ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ තෝරාගත් දේශීය ඉදිකිරීම් ආයතන මගින් මාර්ග සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කෙරේ.
