ලෝක ළමා දිනය නිමිත්තෙන් සංවිධානය කරනු ලබන “යොවුන් මං පෙත” හෙටට පියවරක් ජීවිතයට නව දැක්මක් විශේෂ වැඩසටහන ඔක්තෝබර් මස 03 වැනි සෙනසුරාදා දින උදෑසන 08:00 සිට දහවල් 01:00 දක්වා මාලබේ සුසිත පුර අසෝකාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
එදින සහභාගි වන සියලුම දරුවන් වෙනුවෙන් වටිනා සහතික පත්‍රයක් පිරිනැමීමට ද සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබේ.
මෙම වැඩසටහන සඳහා ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන ප්රමුඛ පෙළේ දේශකවරුන් පිරිසක් සම්බන්ධ වන අතර, එහිදී පැවැත්වෙන දේශන පහත පරිදි වේ:
පළමු දේශනය බෞද්ධ කටයුතු සමායෝජක, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, විචිත්‍ර ධර්ම කථික **නීතියගම චන්දිම ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පවත්වනු ලබයි.
දෙවන දේශනය ශ්‍රී ලංකා පොලිස් ළමා හා කාන්තා අපයෝජන අංශභාර නියෝජ්‍ය පොලිස්පතිනි දර්ශිකා කුමාරි මහත්මිය විසින් පවත්වනු ලබයි.
තුන්වන දේශනය නාගානන්ද විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙනෙහි ආචාර්ය ගයාන් චානුක විදානපතිරණ මහත්මා විසින් පවත්වනු ලබයි.
හතරවන දේශනය ප්‍රවීණ මාධ්‍යවේදී හා ග්රන්ථ කර්තෘ අසංග චාමර මහත්මා විසින් පවත්වනු ලබයි.
අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ ජ්‍යෙෂ්ඨ අනුනායක, ආචාර්ය දිමියාවේ අමරවංස අනුනායක මා හිමිපාණන් වහන්සේගේ උපදෙස් පරිදි විහාරස්ථ දායක සභාවේ සභාපති චන්දන ප්‍රේමදාස මහතා ඇතුලු සංවිධායක මණ්ඩලය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.
