කැකිරාව තලාව මාර්ගයේ ශාස්ත්රවෙල්ලිය, ඉහළගම අලිමංකඩ දී ලොරි රථයක වනඅලියෙකු ගැටීමෙන් කැකිරාව ප්රදේශයේදී ඊයේ (18) දහවල් අනතුරක් සිදුව තිබෙනවා.
සිද්ධියෙන් තුවාල ලැබූ අයෙකු රෝහල්ගත කර තිබෙන බවයි පොලිසිය පැවසුවේ.
අලිමංකඩ හරහා පාර මාරුවීමට ගිය වනඅලියෙකු කැකිරාව දෙස සිට තලාව දෙසට ධාවනය වෙමින් තිබූ කුඩා ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
වනඅලියා ලොරි රථයේ ගැටීමත් සමඟ එම ලොරි රථය අසල තිබූ කාණුවට පෙරළී තිබෙනවා.
