Spread the love

දෙමල බෙදුම්වාදය පරාජය කිරීමට යුධමය වශයෙන් මැදිහත්වීමේ තීන්දුවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තල්ලු කළේ ජවිපෙ. ඒ නිසාම ජනාධිපතිවරුන්ගේ හිමිකම් කප්පාදු කරල අනාරක්ෂිත කරල දෙමල ඩයස්පෝරාවට ගොදුරක් කර ගන්න ඔහු නිරාවරණය කල යුතු නැතැයි’ හිටපු ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සහ හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක මහතා (11) ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත ගේන්නේ දෙමල ඩයස්පෝරාවේ වුවමණාවට බවත් අද ජවිපෙ දෙමල බෙදුම්වාදයේ ගොදුරක් බවට පත්ව තිබෙන බවත් අවධාරණය කළ ඒ මහතා, මහින්ද බලයට ගෙනැත් දේශපාලන මණ්ඩලයේ කීප දෙනෙක්ගේ වුවමණාවට අතහැරීම බරපතල දේශපාලන වරදක් බවද පෙන්වා දුන්නේය.

මාධ්‍ය හමුවක් අමතමින් නන්දන ගුණතිලක මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත සම්බන්ධයෙන් අපි කියන කාරණා මාලිමා ආණ්ඩුව බාල විදියට අවබෝධ කර නොගනීවී යැයි අපි විශ්වාස කරනවා. ජවිපෙ ජනාධිපතිවරණයට පෙර විශ්‍රාමික හමුදා සාමාජිකයින් එකතු කරල රණවිරු සංසද නිර්මාණය කළා. ඒ සදහා නායකත්වය ගත්තේ රෝහණ විජේවීර සහෝදරයා ඝාතනය කල තෝරදෙණිය වගේම ජවිපෙට එරෙහි මර්දනය දියත් කල අරුණ ජයසේකර, තුයියකොන්තා වගේ උතුරේත් දකුණේත් මහා මිනිස් සංහාරයක් දියත් කරන්න මූලික වූ පිරිස්.

ජනාධිපතිවරණයට, මහා මැතිවරණයට පෙර මහා රණවිරුවෝ මෑතකදී ජනාධිපතිවරයාට හමුදා සෙබළු වුණා. මාලිමා ආණ්ඩුව බලයට ගේන්න විශාල වැඩ කොටසක් කළේ දෙමළ ඩයස්පෝරාව. ඩයස්පෝරාව සතුටු කිරීමේ වුවමණාව මතයි, රණවිරුවා සෙබළු වුණේ. චෙම්මිනී මිනිවල හාරන්න තිබෙන උනන්දුව සූරියකන්ද, හෝකන්දර හාරන්න නැහැ. 1989 සිට 2010 ට මහා විශාල කාලයක් නැහැ. 2010 දී ජවිපෙ සරත් ෆොන්සේකා දිනවන්න කටයුතු කළා. එදා ෆොන්සේකා දිනුවනම් ඊලගට අගමැති වෙන්නේ රනිල් වික්‍රමසිංහ. මහින්දට එරෙහිව රනිල් අගමැති කිරීමේ සටනේ ජවිපෙ හිටියේ. 88/89 කාලයේ මම ජවිපෙ ත්‍රිකුණාමල දිස්ත්‍රික් නායකයා. එදා ත්‍රිකුණාමලයේ ජවිපෙ මර්දනයට අණදුන් හමුදා නායකයා ෆොන්සේකා. 2015 දී ජවිපෙ ඡන්ද ලක්ෂ 05 ක් මෛත්‍රීපාල සිරිසේනට දුන්නා. මෛත්‍රීපාල රජයේ අගමැතිවරයා වුණෙත් රනිල් වික්‍රමසිංහ.

අධිරාජ්‍යය විරෝධී අරගලය හරහා සමාජවාදයට යන ගමන ගැනයි, අපි විශ්වාස කළේ. රටේ බරපතල දේශපාලන අර්බුදයක් ඇතිව තිබෙද්දි එය මර්දනය කල නායකයා, මහින්ද රාජපක්ෂ. ඒ නිසා දෙමල බෙදුම්වාදය පරාජය කිරීමේ වුවමණාව රට ඉදිරියේ තිබුණා. ඒ සදහායි 2004 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය හැදුවේ. ජවිපෙ එකතුවෙන් හදපු ඒ සන්ධානයේ ආරම්භක සභාපතිවරයා මම. සන්ධාන ආණ්ඩුවේ ඇමතිකම් 04 ක් අපි ගත්තා