ශ්රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) වාහන වාහන ආදායම් බලපත්ර (eRL 2.0) පද්ධතිය තාවකාලිකව ක්රියා විරහිත වී ඇති බව මහජනතාවට සහ සියලු අදාළ බලධාරීන්ට දැනුම් දෙයි.
2025 ජූලි මස 03 වන දින සිට ඇති වූ තාක්ෂණික යටිතල පහසුකම් ගැටලුවක් හේතුවෙන්, වාහන ආදායම් බලපත්ර නිකුත් කිරීමේ සේවා අත්හිටුවා ඇත.
මෙම සේවාවන් 2025 ජූලි මස 09 වන දින දක්වා අක්රියව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම බාධාව හේතුවෙන් පුරවැසියන්ට සිදු වන අපහසුතාවයන් පිළිබඳව ICTA ආයතනය අවංකව කණගාටුව පළ කරන අතර, හැකි ඉක්මනින් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට අපගේ කණ්ඩායම් කැපවීමෙන් කටයුතු කරන බව සහතික කරයි.
ප්රගතියත් සමඟ තවත් යාවත්කාලීන කිරීම් ලබා දෙනු ඇති අතර, සේවාවන් නැවත ආරම්භ වූ වහාම නිල නිවේදනයක් නිකුත් කරනු ලැබේ.
