Spread the love

නිමල් රාජපක්ෂ-

ශ්‍රී ලංකාවේ සිටින සියළුම වියපත් පුද්ගලයින්ට අභිමානයෙන් හා ආරක්ෂා කාරීව ජීවිතයේ විවිධ අවස්ථා වලට සහභාගිවිමට ඇති අයිතිය කහවුරු කිරීම සදහා නව වැඩිහිටි ප්‍රථිපත්තියක් කෙටුම්පත් කිරීම ආරම්භ කරන බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීමේ ඇමති ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසයි.
ඇමතිවරයා මේ බව ප්‍රකාශකලේ අද (21) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති වැඩ මුළුවකදීය
මෙහිදි අදහස් දැක්වු ඇමතිවරයා ,ශ්‍රී ලංකාවේ සිටින සියළුම වියපත් පුද්ගලයන්ට අභිමානයෙන් සහ ආරක්ෂා සහිතව සෞඛ්‍ය සේවා, ආදායම් සහ සමාජ ආරක්ෂාව සඳහා සමාන ප්‍රවේශයක් සැකසීම සහ තම පවුල සහ ප්‍රජා ජීවිතයේ විවිධ විශේෂ අවස්ථාවලට සහභාගිවීමට ඇති අයිතිය තහවුරු කිරීමේ දැක්ම සහිතව නව වැඩිහිටි ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීම ආරම්භ කර තිබෙනවා.

2006 වර්ෂයේ සකස් කල වැඩිහිටියන් සඳහා වූ ජාතික ප්‍රතිපත්තියක් වර්තමානයේ ක්‍රියාත්මක වන අතර නව ප්‍රතිපත්තියක අවශ්‍යතාව හඳුනාගනිමින් ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ වැඩිහිටියන් සඳහා වූ ජාතික මහ ලේකම් කාර්යාලය මගින් මෙම කෙටුම්පත සකස් කිරීම සිදුකරණු ලබනවා.

හි මූලික පියවරයන් මේ වන විට අවසන්ව පවතින අතර කෙටුම්පත සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන, සංවිධාන, සහ විශේෂඥ පුද්ගලයන්ගේ අදහස් විමසීමේ වැඩමුළුවක් අද පෙරවරුවේ විෂය භාර අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පදනම් ආයතනයේදී පැවැත්විණ. මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධාන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශ ලේකම් සම්පත් මන්ත්‍රීනායක, වැඩිහිටි පුද්ගලයන් සඳහා වන ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ, ආමාත්‍යංශ 19ක නියෝජිතයන්, ශාස්ත්‍රීය හා පර්යේෂණ ආයතන නියෝජිතයන් සහ අන්තර් ජාතික සහයෝගිතා ආයතන නියෝජිතයන් ඇතුළු නිළධාරීහු පිරිසක් එක්ව සටියහ.