විදෙස් ගමන් බලපත්ර නිෂ්පාදන ක්රියාවලිය පිළිබඳ සොයා බැලීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් පෝලන්තය බලා පිටත්ව ගොස් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසයි.
විද්යුත් විදෙස් ගමන් බලපත්ර ටෙන්ඩරය හේතුවෙන් මේ වන විට ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ අර්බුදයක් නිර්මාණය වී ඇති අතර මේ වන විට එම දෙපාර්තමේන්තුව අසල දිගු පෝලිම් දක්නට ලැබේ.
මෙම තත්ත්වය හේතුවෙන් ඔන්ලයින් ක්රමවේදය ඔස්සේ දිනයක් වෙන්කර ගැනීමේ ක්රියාවලිය ද තාවකාලිකව අත්හිටුවා ඇති බව සඳහන්ය.
කෙසේවෙතත් නව විදෙස් ගමන් බලපත්ර තොගය ඔක්තෝම්බර් මස 25 වනදා මෙරටට ලැබෙනු ඇති බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
ඒ අනුව එදිනට හිස් විදේශ ගමන් බලපත්ර 50,000ක් මෙරටට ලැබීමට නියමිතය.
ඉන් අනතුරුව සති දෙකකට පමණ පසුව තවත් හිස් විදේශ ගමන් බලපත්ර ලක්ෂයක ප්රමාණයක් මෙරටට ලැබෙනු ඇත.
කෙසේවෙතත් වසර 05ක කාලයක් තුළ හිස් විදේශ ගමන් බලපත්ර ලක්ෂ 50ක තොගයක් මෙරටට හිමි වීමට නියමිතය.
නව හිස් විදේශ ගමන් බලපත්රය කළු පැහැති ඉදිරිපසකින් යුක්ත වන අතර එය පෝලන්තයේ නිෂ්පාදනය කරන බව ද හර්ෂ ඉලුක්පිටිය මහතා වැඩි දුරටත් සදහන් කරයි.
ඒ අනුව මෙම විදෙස් ගමන් බලපත්ර තොගයේ නිෂ්පාදන ක්රියාවලිය පිළිබඳ සොයාබැලීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් පිරිසක් පෝලන්තයේ අදාළ කර්මාන්ත ශාලාව වෙත ගොස් ඇති බව සඳහන්ය.
