.මාලන් විතාන
සංචාරක වීසා උපයෝගී කර ගනිමින් ශ්රී ලාංකිකයන්ට ඩුබායි හා මෝල්ඩෝවා රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රන්තැටිගේ නිශ්ශංක ප්රියදර්ශන නොහොත් ඩුබායි සුද්දා, ජූනි 16 දින නඩුව කැදවූ අවස්ථාවේදී ඔහුට විරුද්ධව ඇති චෝදනා වලට වරද පිළිගෙන තිබේ.
සංචාරක වීසා මගින් ඩුබායි හි රැකියා ලබාදෙන බව පවසා, කුලියාපිටිය ප්රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 7ක් ලබාගෙන, පොරොන්දු වූ පරිදි අදාළ රැකියා ලබානොදීම හේතුවෙන් හා විදේශ රැකියා ලබාදීම සඳහා කාර්යාංශයේ වලංගු බලපත්රයක් නොමැති වීම ඔහුට ඇති චෝදනා වේ. ඒ අනුව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් රුපියල් ලක්ෂ 7ක මුදලක් අධිකරණයේ තැන්පත් කිරීමට කුලියාපිටිය මහේස්ත්රාත්වරයා විසින් නියෝග කළේය.
මෙම නඩුව නැවත කැදවීම 2026.08.25 දින දක්වා කල් තැබුණු අතර, මෙම පුද්ගලයාට විරුද්ධව මේ හා සමාන නඩුවක් වැලිසර අධිකරණයේදී ජූනි 26 දින කැඳවීමට නියමිතව ඇත.
මොහු විසින් සිදුකරන ලද මෙවන් විදේශ රැකියා සම්බන්ධ වංචාවන් ඇත්නම් ඒ පිළිබඳව කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත පැමිණිලි කරන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
