Spread the love

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද (16) වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරු-මැද ,නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල හිමිදිරි උදෑසන කාලයේදී ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවය.

දිවයිනේ තැනින් තැන උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.