නිමල් රාජපක්ෂ
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දොළොස්වෙනි (12) වරට පැවැත්වූ ද්විපාර්ශවික නාවික අභ්‍යාසය, SLINEX -25, කොළඹට ඔබ්බෙන් ශ්‍රී ලංකාවට බටහිරින් වු මුහුදු තීරයේදී ඊයේ ( 18) සාර්ථකව නිමාවට පත්විය.

ඒ අනුව, ඉන්දීය සාගර කලාපයේ ආරක්‍ෂාව වෙනුවෙන් කැපවන ප්‍රමුඛ පාර්ශවකරුවන් ලෙස, ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදා අතර සහයෝගීත්වය හා අන්තර් ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමේ අරමුණින් වාර්ෂිකව පවත්වනු ලබන ශ්‍රී ලංකා – ඉන්දීය නාවික අභ්‍යාසය සඳහා මෙවර ශ්‍රි ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු සහ සයුර යන ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 412 හෙලිකොප්ටර් යානාවක් එක් විය.

අභ්‍යාසය සඳහා ඉන්දීය පාර්ශවය නියෝජනය කරමින් ඉන්දීය නාවික හමුදාවේ Tanker වර්ගයේ ‘INS Jyoti’ සහ Destroyer වර්ගයේ ‘INS Rana’ යන යුද නෞකා සහභාගි විය.

ඉහල වෘත්තීමය භාවයකින් යුතුව වරාය සහ මුහුදු අදියර වශයෙන් සංවිධානය කර සාර්ථකව පවත්වන ලද මෙම අභ්‍යාසය මඟින්, ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් සම්බන්ධීකරණය සහ සූදානම ශක්තිමත් කරනු ලැබීය.

එමෙන්ම, අභ්‍යාසයට සමඟාමීව ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් Dr. Satyanjal Pandey මෙම අභ්‍යාසයට පැමිණි ඉන්දීය නාවික හමුදා නෞකා නිරීක්‍ෂණය සඳහා එක්වූ අතර, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් Santosh Jha මහතා සහ ඉන්දීය නෞකාවන්ගේ අණදෙන නිලධාරීන්, බත්තරමුල්ල ඉන්දීය සාම සාධක හමුදා අනුස්මරණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කිරීමද සිදුකෙරිණි.

එමෙන්ම, පුහුණු හුවමාරු වැඩසටහන්, ක්‍රීඩා වැඩසටහන් සහ දිවයිනේ සංචාරක ස්ථාන නැරඹීමේ සංචාර ඇතුළු දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය හා සහයෝගීත්වය වර්ධනය කිරීම වෙනුවෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කරන ලද විවිධ වැඩසටහන් සඳහා ද මෙම අභ්‍යාසයට සමඟාමීව ඉන්දීය නාවික හමුදා සාමාජිකයන් එක්වූහ.

තවද, මෙවැනි ඒකාබද්ධ නාවික අභ්‍යාස මඟින් වැඩිදියුණු වන සහයෝගීත්වය සහ අන්තර් ක්‍රියාකාරීත්වය; සාගරය ඔස්සේ පැනනගින සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය තර්ජන ඇතුළු පොදු සමුද්‍රීය අභියෝග හා නව ප්‍රවණතා සාර්ථකව කළමනාකරණය කර ගනිමින්, ස්ථාවර ඉන්දීය සාගර කලාපයක් පෝෂණය කිරීම සඳහා ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදා වෙත මහඟු පිටිවහලක් වනු ඇත.
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
