Spread the love

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්’ නාමය භාවිත කරමින් මූල්‍ය වංචාවක් සිදු කෙරෙන බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි

WhatsApp පණිවිඩ හරහා අදාළ ආයතනයේ සේවාවක් බව අඟවමින් ව්‍යාජ වෙබ් අඩවි ත්‍රිත්වයක් ඔස්සේ ‘SriLankan.apk’ නමැති ජංගම දුරකථන යෙදුමක් ස්ථාපනය කිරීමට සැලැස්වීම හරහා මෙම වංචාව සිදු කරන බවයි වාර්තා වන්නේ.

මෙම මෘදුකාංගය අනිෂ්ට බැංකු ට්‍රෝජන් (Malicious Banking Trojan) යෙදුමක් බවත්, එය ස්ථාපනය කිරීම මඟින් ජංගම දුරකථනය වෙත දුරස්ථ ප්‍රවේශය (Remote Access) ලබා ගැනීමට අවසර හිමි වන බවත් නිරීක්ෂණය වී තිබේ.

ඒ හරහා පුද්ගල සංවේදී දත්ත නිරාවරණය කර ගැනීමේ හැකියාව පවතින බව ද සඳහන්.

මෙහිදී හැකර්වරුන් විසින් මුදල් ගනුදෙනුවක් සිදු කිරීමට සලස්වමින් OTP කේත, බැංකු ගිණුම් තොරතුරු සහ finger print වැනි සත්‍යාපන දත්ත ලබාගෙන, බැංකු යෙදුම් වෙත අනවසරයෙන් ප්‍රවේශ වී, එම මුදල් වෙනත් ගිණුම් වෙත බැර කර ගන්නා බවයි පොලිසිය පවසන්නේ.

මෙම වංචනික ක්‍රියාවලිය සඳහා 077 4558361, 011 7771979, 074 1142208, 077 5791209 සහ 074 3268200 යන දුරකථන අංක භාවිත කරන බවට හඳුනාගෙන ඇති අතර, මෙවැනි වංචාවන්ට හසු නොවන ලෙසට පොලිසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී්‍