Spread the love

නිමල් රාජපක්ෂ-


කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ශිල්ප සභාව මගින් සංවිධාන කරනු ලබන “ශිල්ප අභිමානි 2025” ජාතික හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන උළෙල BMICH හිදි පැවැත්විණ.


මෙම සම්මාන උළෙල සඳහා 2025/2026 වර්ෂය තුළ පැවැත්වූ ජාතික හස්ත කර්මාන්ත තරගාවලියෙන් සම්මාන ලැබූ ශිල්පීන්, සම්භාවනීය අංශයෙන් සහ නුපුන් අංශයෙන් ස්වර්ණ සම්මාන 02ක් හා රජත සම්මාන 24ක් ඇතුළුව සම්මාන ලැබූ ශිල්පීන් 540 දෙනෙකු මෙවර ජනාධිපති සම්මානයෙන් පිදුම් ලබයි

.සම්මාන උළෙල 2026 අගෝස්තු 14, 15 සහ 16 යන දිනවල කොළඹ BMICH C ශාලාවේදී පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැවැත්වීමට නියමිතය. එහිදී ජාතික හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ නිර්මාණ රැසක් ප්‍රදර්ශනය කිරීමටද කටයුතු යොදා ඇත.


මෙම අවස්ථාවට සමගාමීව “සංස්කෘතික සැදෑව” නමින් සංස්කෘතික වැඩසටහනක්ද පැවැත්වීමට කටයුතු කර ඇති අතර, ඒ සඳහා ජනප්‍රිය හා විශේෂාංග රැසක් එක්කර තිබේ.


දේශීය හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යාම, දේශීය ශිල්පීන්ගේ නිර්මාණ සඳහා ජාතික මට්ටමේ පිළිගැනීමක් ලබාදීම සහ ඔවුන්ගේ නිර්මාණ ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ගෙන යාම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු අතර වේ.


එමෙන්ම විෂය භාර අමාත්‍යවරයාගේ හා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ජාතික ශිල්ප සභාව විසින් මෙම ජාතික හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන ප්‍රදානය , ප්‍රදර්ශනය හා අලෙවි පොළ සංවිධානය කර තිබිණ.