නිමල් රාජපක්ෂ-
ලෝක ජනාවාස දිනයට සමගාමීව රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩසටහන යටතේ ඉදිකරන ලද නිවාස 5,000ක් ජනතා අයිතියට පත් කිරීම අද (05) දින දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සිදු කෙරිණි.
ඊට සමගාමීව ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ආසනයේ ප්‍රතිලාභීන් සඳහා නිවාස පිරිනැමීම ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
“තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩසටහන යටතේ නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍යාංශය සහ අනෙකුත් රේඛීය අමාත්‍යාංශ එක්ව 2026 වසර තුළ නිවාස අහිමි අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 30,000ක් ඉදිකිරීමට අපේක්ෂා කරයි.
එම වැඩසටහන යටතේ නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍යාංශය විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 1,058ක් සඳහා නිවාස ලබාදීමට සැලසුම් කර ඇත.
මෙම අවස්ථාවට කැලණිය ප්‍රාදේශීය ලේකම් ගයනි රණසිංහ මහත්මිය, කැලණිය ප්‍රාදේශීය සභාවේ සහ පෑලියගොඩ නගර සභාවේ ජනතා නියෝජිතයන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද එක්ව සිටියහ.
