Spread the love

වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය, නිවාස ගැටළුව, සෞඛ්‍ය පහසුකම්, වතු කම්කරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහල දැමිම ඇතුළු ගැටළු 48 ක් සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන බවට ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා එකග වි ඇති බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය.

පලනි දිගම්බරම් මහතා ඒ බැව් කියා සිටියේ (18) දින සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් බගවන්තලාව ශ්‍රි තෙණ්ඩායුධපාණි හින්දු කොවිලේ උත්සව ශාලාවේ වතුකරයේ ජනතාව දැනුවත් කිරිම සදහා සංවිධානය කර තිබු රැස්විමකදිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු පලනි දිගම්බරම් මහතා කියා සිටියේ පසුගිය යහපාලන රජය තුල තම අමාත්‍යංශය යටතේ වතුකරයේ සංවර්ධන කටයුතු රැසක් සිදු කල බවයි.