සමලිංගික විවාහ මානව අයිතිවාසිකමක් නොවන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
ඒ අනුව, ඊට ඉඩ නොදිය යුතු බවයි බේරුවල ශාන්ත ආනා දේවස්ථානයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් අගරදගුරු හිමිපාණන් සඳහන් කළේ.
වර්තමානයේ තරුණ තරුණියන් නිසි අවබෝධයකින් තොරව තම සහකරු හෝ සහකාරිය තෝරා ගැනීම සිදු කරන බවත්, සමලිංගික විවාහ ප්රචාරය කරන්නට විවිධ සංවිධාන කටයුතු කරමින් සිටින බවත් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් සඳහන් කළා.
