Spread the love

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මී. මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි..

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස  ජනතාවගෙන් ඉල්ලා සිටී.

අද (07) දින දහවල් 12:08 ට ගාල්ල, අංගුළුගහ, ඉමදුව, තෙලිජ්ජවිල, යටියන සහ තංගල්ල යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතී.