Spread the love

මේ දිනවල පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සිදුවු අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් අද (10) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.

කොළඹ විභාග මධ්‍යස්ථාන දෙකක සහ හසලක ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක මෙම අක්‍රමිකතාවන් සිදුවී ඇති බව සඳහන් වෙන්නේ.

විභාග අපේක්ෂකයින් විසින් ජංගම දුරකථන සූක්ෂම ලෙස භාවිත කරමින් ඊයේ (09) ලබාදුන් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය ජායාරූප ගතකර වෙනත් පාර්ශ්ව වෙත එය යොමුකර පිළිතුරු ලබාගැනීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

අදාළ අවස්ථාවේ විභාග මධ්‍යස්ථානවල සිටි නිලධාරීන් විසින් එම ජංගම දුරකථන සිය භාරයට ගෙන ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.