Spread the love

වෙළද පොළේ වෙසක් සැරසිලි මිළ මෙවර 30%කින් පමණ ඉහළගොස් ඇතිබව වෙළදුන් පවසයි.

මිල ගිය වෙසක් සැරසිලි අතර කුඩා විදුලි පහන් වැල් ,වෙසක් කූඩු සහ ඇතැම් බකට් පවතියි.

ඒ අනුව රුපියල් 200 පැවති කුඩා විදුලි පහන් වැලක් රුපියල් 300ත්350 අතර මිළක පවතියි.

වෙසක් කූඩුවක මිල ද රුපියල් 100 ආසන්න මිලකින් ඉහළගොස් තිබේ.

මේ අතර වෙසක් කොළ මිල මෙවර රුපියල් 05කින් පමණ අඩු වී ඇතිබව වෙළදුන් පවසයි.

පවතින අමුද්‍රව්‍ය හිඟය සහ ඉහළ මිල හේතුවෙන් ඇතැම් වෙසක් සැරසිළි මිල ඉහළ යාමට හේතුවී තිබේ.

මේ අතර මේ දිනවල දිවයිනේ බොහෝ නගර වල වෙලද සැල් වෙසක් සැරසිලි වලින් පිරී පවතියි.

බොහෝ ජනතාව මේවනවිටත් වෙසක් සැරසිලි මිලදී ගනිමින් සිටියි.