Spread the love


නිමල් රාජපක්ෂ-

වතුර කලවම් කර මත්පැන් අලෙවි කිරීමේ වරදට සීල් තිබු ආගරපතන මන්රාසි රටබීම හලට මීට සුළු මෙහොතකට පෙර සුරාබදු කොමසාරිස් ජෙනරාල් උදය කුමාර පෙරේරා මහතා රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් ගෙවන ලෙස නියම කොට ඇත.


අරක්කු වලට වතුර කලවම් කර සැර බාලකර අලෙවි කිරිමේ වරදට මාර්තු මස 13 වැනි දින අදාල රටබීම හලට මධ්‍යම පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන සුරාබදු කොමසාරිස් ජනරාල් වරයා දැණුවත් කීරිමෙන් පසු ඒ මොහොතේම සිීල් තැබීමට පියවර ගෙන ඇත.

මුද්‍ර තැබීමෙන් පසු රටබීම හලෙහි මත්පැන් රසපරීක්ෂක වෙත යැවීමෙන් පසු එම වාර්තාවට අනුව අදාල බලපත්‍ර ලාභියාට මින් ඉදිරියට බලපත්‍ර කොන්දේසි කඩකර තිබුණ හොත් බලපත්‍රය අවලංගුව කිරීමට පියවර ගන්නා බවට තරයේ අවවාද කොට රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් ගෙවන ලෙස සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා නියෝග කොට තිබේ.

අදාල බලපත්‍ර ලාභියා දඩ මුදල ගෙවා ඇති බැවින් මෙතෙක් සීල් තැබු රටබිම හල හෙට (03) සිට විවෘත කිරීමට බලය ලබා දි තිබේ.
පුරා දින 20 ක් සිල් තැබු ආගරපතන මන්රාසි රටබීම හල අද දිනයේ දඩමුදල් ගෙවීමෙන් පසු හෙට සිට විවෘත කිරීමට අනුමැතිය හිමිවී තිබේ
මධ්‍ය පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් අදාල වැටලිම සිදු කොට තිබිණ.