මාලන්
උතුරු පළාතේ ජනතාවට ගුණාත්මක, කාර්යක්ෂම සහ නවීන තාක්ෂණයෙන් සවිබල ගැන්වූ සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් විශේෂ ප්‍රගති සමාලෝචන හා සැලසුම් සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ උතුරු පළාත් ආණ්ඩුකාරවර නාගලින්ගම් වේතානායහම් යන මහත්වරුන්ගේ සහාගීත්වයෙන් පසුගිය දා උතුරු පළාත් ආණ්ඩුකාර කර්යාලයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී උතුරු පළාතේ ශික්ෂණ රෝහල, දිස්ත්‍රික් මහ රෝහල්, මූලික රෝහල්, ප්‍රාදේශීය රෝහල් හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආයතන මුහුණපාන වත්මන් අභියෝග පිළිබඳ පුළුල් අවධානය යොමු කළ අතර, ජනතාවට වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැපයීම සඳහා කෙටි, මධ්‍ය හා දිගුකාලීන සංවර්ධන සැලසුම් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
විශේෂයෙන්ම උතුරු පළාතේ යාපනය, කිළිනොච්චිය, මුලතිව්,මන්නාරම, වව්නියාව යන දිස්ත්‍රික්කවල පිහිටි රෝහල් සදහාවිශේෂඥවෛද්යවරුන්,වෛද්‍යවරුන්,හෙදසහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්හිපවතින හිඟය කඩිනමින් අවම කරමින් විධිමත්, කාර්යක්ෂමසේවාවක් ජනතාවට ලබාදීම මෙන්මප්රාථමික සෞඛ්‍ය සේවාව තවදුරටත් සවිබල ගැන්වීම පිළිබඳව අවධානය යොමු විය.
එමෙන්ම යාපනය, කිළිනොච්චිය, මුලතිව්,මන්නාරම, වව්නියාව යන දිස්ත්‍රික්කවල පිහිටි රෝහල් විධිමත් සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කරමින් ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා සැලසුම් සහගතව ප්‍රමුඛතා පදනම මත සෞඛ්‍ය පහසුකම් සංවර්ධනයකිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම, දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති මෙන්මඉදිරි ව්‍යාපෘති සහ වැඩසටහන්වල තිරසාරභාවය සහතික කිරීම, සෞඛ්‍ය සේවාවේ ජාතික සහ පළාත් ඉලක්ක සපුරා ගැනීම සඳහා සෞඛ්‍ය අංශයේ සියලුම පාර්ශවයන් සම්බන්ධීකරණය කිරීම සහ පහසුකම් සැලසීම, අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල පෝෂණ තත්ත්වය වැඩිදියුණු කිරීම, පළාතේ සෞඛ්‍ය අංශය සඳහා වඩා හොඳ මූල්‍ය කළමනාකරණයක් සහතික කිරීම, සියලුම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරුන් සමඟ දිස්ත්‍රික්ක අතර සෞඛ්‍ය කටයුතු මනා ලෙස සම්බන්ධීකරණය කිරීම, ඩෙංගු, මැලේරියාව, ක්ෂය රෝගය, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (STD) සහ ජලභීතිකා රෝගය වැනි බෝවන රෝග වැළැක්වීමේ වැඩසටහන්විධිමත්කිරීම, සායනික පුහුණු පහසුකම් වැඩිදියුණු කිරීම සහ නිත්‍ය කාර්ය මණ්ඩල පුහුණුව සහතික කිරීම ආදී කරුණු රාශියක් පිළිබඳව අවධානය යොමු කරමින් මෙහි දී දීර්ඝව සාකච්ඡා සිදු කරන ලදී.
