නිමල් රාජපක්ෂ-
බන්ධනාගාර තුළ හදිසි තත්වයක් ඇති වුවහොත් මුහුණදීමට සහ රැදවියන්ගේ සුභ සාධනය මුලික කර ගනිමින් දිවයිනේ සියලු බන්ධනාගාර තුළ එකාබද්ධ යාන්ණයක් පිහිටුවීමේ වැඩපිළිවෙළට සමගාමීව යටතේ වටරැක එළිමහන් වැඩකඳවුර මුලික කරමින් ඒකාබද්ධ යාන්ත්රණය පිහිටුවීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය, නීතිඥ හර්ෂණ නානායක්කාර ගේ ප්රධානත්වයෙන් වටරැක එළිමහන් වැඩ කඳවුරේදී සිදු විය.
වටරැක එළිමහන් වැඩ කඳවුරේ අධිකාරිවරයාගේ මුලිකත්වයෙන් රාජ්ය ආයතන වල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම කමිටුව පිහිටුවනු ලබන අතර කමිටුව අවම වශයෙන් මාසයකට හෝ දෙකකට වරක් හෝ රැස්ව බන්ධනාගාරයේ අවශ්යතා පිළීබඳව සාකච්ඡා කළ යුතු බව අමාත්යවරයා අවධාරණය කලේය.
ඒකාබද්ධ යාන්ත්රණයක් පිහිටුවීමේ අවශ්යතාවය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් අමාත්යවරයා සඳහන් කලේ හදිසි තත්වයකට මුහුණ දීම සඳහා රාජ්ය ආයතනයන් අතර අන්තර් සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් කටයුතු කිරීම තුළින් හදිසි අවස්ථාවන් වඩා හොදින් කලමණාකරනය කරගත හැකි බවයි.
හෝමාගම ප්රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක, වටරැක එළිමහන් වැඩ කඳවුරේ අධිකාරී ආර්. එස්. මහානාම යන මහත්වරුන් ඇතුළු, ශ්රී ලංකා යුධහමුදාව, නාවික හමුදාව, ගුවන්හමුදාව, ගිනි නිවීමේ , ජල සම්පාදන මණ්ඩලය, විදුලි බල මණ්ඩලයඇතුළු රාජ්ය ආයතන නියෝජනය කරමින් රාජ්ය නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි විය.
