Spread the love

රාජ්‍ය දේපල සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇප මත මුදා හැරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අද(24) නියෝග කළේය..

එහිදී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය. 

ලංකා සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදුකරන විමර්ශනයකට අදාළව ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ වැඩිමහල් පුත් ජොහාන් ප්‍රනාන්දු, බාල පුත් ජෙරම් ප්‍රනාන්දු සහ සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමණාකාරවරයෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.