Spread the love

හෙට (02) දිනයේ සිට දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (01) දිනයේ ඌව පළාතේ ද, මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

එසේම, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු යන පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතින බවද සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.